නාවික හමුදාවේ සෙබළුන් ප්රවාහනය කළ ලංගම බස් රථයක් අද (28) අළුයම ගාල්ල - කොළඹ ප්රධාන මාර්ගයේ අම්බලන්ගොඩ - රන්දොඹේ ප්රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
බස් රථය මාර්ගය මාර්ගයෙන් ඉවතට පැන තාප්පය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් නාවික හමුදාවේ සෙබළුන් 5 දෙනෙක් තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා,
රෝහලට ඇතුලත් කළ සෙබළුන් දෙදෙන්ක්ගේ තත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
මෙම සෙබළුන් හමුදා මුලස්ථානය කරා පැමිණමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.