කොළඹ, පුත්තලම, ගම්පහ, කළුතර දිස්ත්රික්කවල හැර සෙසු දිස්ත්රික්ක සඳහා හෙට (30) රාත්රී 8 සිට ලබන සඳුදා එනම් ලබන 4 වැනිදා දක්වා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
කෙසේ වෙතත් හෙට (30) උදෑසන 5ට යළි ඇඳිරි නිතිය ඉවත් කෙරෙන අතර හෙට රාත්රී 8ට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.
ඒ අනුව නිවසින් බැහැරට යන අවස්ථාවේදී ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස 7 හෝ 8 ඇති අය පමණක් පිටත්ව යන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.