වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසැල් සිසුවියක් පාසලට යමින් සිටින විට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් ටොපියක් කැවීම නිසා එම සිසුවිය රෝගාතුර වී තිබෙනවා. රෝගාතුරවූ එම සිසුවිය වැලිකන්ද රෝහලට ඇතුලත් කල බවයි පොලිසිය පවසන්නේ.
මෙම සිසුවිය සුපුරුදු ලෙස පාසල වෙත ගමන් කරමින් සිටියදි යතුරු පැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ එහි ටොපියක් දිගු කර එය කන ලෙස සිසුවිය බිය ගන්වා තිබෙනවා. බියට පත් සිසුවිය එම ටොපිය කා දමා පාසලට දිව ගොස් ටොපිය කෑමෙන් පසු බඩ රිදෙන බව ගුරුවරුන්ට පවසා තිබෙනවා.
වැලිකන්ද පොලීසිය පවසන්නේ සිසුවිය මේවන විට වැලිකන්ද රෝහලේ නේවාවාසිකව ප්‍රතිකාර ලබන බවයි.