පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු න්කුත් කර තිබෙනවා. ඒ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනාවට.
නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනා වලට ලක්ව සිටි 10 වන සැකකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි බුද්ධික සරච්චන්ද්‍රට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට තරම් අවශ්‍ය සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මෙහිදී අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවේ නැහැ.
ඒ අනුව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පොලිසිය කණ්ඩායමක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.