පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඉතාලියේ රැකියා වල නිරතව සිට නිවාඩුවට මෙරටට පැමිණි 800ක පමණ පිරිසක් වෙන්නප්පුව සහ ඒ ආසන්න ප්‍රදේශවල සිටින බවයි. මෙයින් බහුතරයක් නිරෝධායන නොවූ පිරිසක් බවත් මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය මෙරට අනෙක් දිස්ත්‍රික්ක වලට වඩා අවදානමට ලක් ව තිබෙන බවත් ලේකම්වරයා පවසනවා.
මේ අතර කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් අද දිනයට ලබාදී ඇති රජයේ බැංකු සහ වෙළඳ නිවාඩුව තවදුරටත් දීර්ඝ කිරීමට රජය සාකච්ඡා කරන බව සඳහන්.