නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය නොදී සැඟවී සිටින පුද්ගලයින්ට විරුද්ධව නඩුපැවරීමටත් එසේ සැගවී සිටින පුද්ගලයන්ගේ දේපල තහනම් කිරීමටත් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
මේ වන විට එසේ නිරෝධායනය මගහැර සිටින පුද්ගලයන් 176 දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කරනවා. එම පුද්ගලයින් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි පිරිස් බවයි තොරතුරු අනාවරණය වන්නේ.
එසේ නිරෝධායන නොවී සැඟවී සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ ගැන වහා පොලිසියට දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.