ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත් වීමට තිබු විභාග කිහිපයක් කල් දැමීමට තීරණය කර තිබෙනවා. එම විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත් විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.
- ශ්‍රී ලංකා විදුහල්පතු සේවයේ 2 වන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩෛම් විභාගය - 2019 (2020) - මාර්තු මස 21,21
- දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2020 මාර්තු මස 21,22
- ජාතික කලායතන විභාගය - 2016 (2020) (ප්‍රායෝගික පරීක්ෂණය) - මාර්තු මස 25 සිට 29 දක්වා
- අම්බලන්ගොඩ වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ අවසාන පරීක්ෂණය - 2020 - මාර්තු මස 26 සිට 31 දක්වා
- ශ්‍රී ලංකා මහ බැංකුවට කළමණාකරන අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2019 (2020) මාර්තු මස 28
- ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමණාකරන සහකාර පංතියේ සේවා නියුක්තිකයින්ගේ මාණ්ඩලික පන්තියේ I ශ්‍රේණියට (පරිවාස) කඩිනම් උසස්වීම් පටිපාටිය යටතේ උසස් කිරීමේ සීමිත තරඟ විභාගය - 2020- මාර්තු මස 28
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධරයන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය - 2018 (2020) මාර්තු මස 29
- රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2020 (මාර්තු) සිංහල / දෙමළ - I/II/III/IV වන මට්ටම (ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව / රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව) - මාර්තු මස 29
එසේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය (Online) ඔස්සේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණිම සීමා කර ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු දෙපාර්තමෙම්න්තු එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දමනු ඇති. .
එසේම , 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂත්වය විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2020 මාර්තු 31 දක්වා දිර්ඝ කර තිබෙනවා.එ බැවින් මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වු අපේක්ෂකයින් වේ නම් මාර්ගගත ක්‍රමය (ඔන්ලිනෙ) ඔස්සේ පමණක් අයඳුම් කළ යුතු බව වැඩිදුරටත් නිවේදනය කර ඇත.
ඉහත කරුණු පිළිබඳව යම් ගැටළුවක් මතු වේ නමි 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා ගත හැකියි.