කතානායක පාර්ලිමේන්තුවෙන් සමුගනී, නිල රථය ද භාරදෙයි

සුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම කතානායක ධූරය දැරූ කරූ ජයසූරිය මහතා සිය නිල රථය සහ ආරක්ෂක අංශයන් හි නිල වාහන ද පාර්ලිමේන්තුවට බාර දීමට  කටයුතු කර තිබෙනවා.

සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට තම ස්තූතිය පිරි නැමූ එතුමා  පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලයට සමුදුන්නා.



















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu