ප්‍රහාරක නෞකාවක රාජකාරි කරමින් සිටියදී අමෙරිකානු සෙබලෙක්ට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා. අමෙරිකානු ප්‍රහාරක නෞකාවක් වන USS Boxxer හී සේවයේ නියුතු නාවික සෙබළෙකුටයි. එරට නාවික හමුදාව නිවේදනය කර සිටින්නේ මෙම පුද්ගලයා සමග සේවය කළ හා සමීප සම්බන්ධකම් පැවැත්වූ සෙසු පිරිස් ඉක්මනින්ම හඳුනා ගෙන ඇති අතර ඔවුන්ව මෙ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. අමෙරිකාවේ කොරෝනා රෝගීන් 3400 කට අධික කොරෝනා වෛරස් ආසාදිතයින් පිරිසක් වාර්තා වන අතර ඒ අතර අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 65ක් වනවා.
මේ වනවිට රටවල් 140 කටත් අධික ප‍්‍රමාණයක් පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස තවදුරටත් ලොවපුරා පැතිර යන තත්ත්වයක් උදා වී තිබෙනවා. එය ලොව රටවලින් 2/3කටත් වඩා වැඩි ප්රමාණයක්.
මේ අනුව නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 6,000 ඉක්මව ගිය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටින්නේ.
සෞදි රජය නියෝග කර තිබෙන්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සුපිරි වෙළඳසැල්, ආපනශාලා, කෝපි හල් සහ පොදු උද්‍යාන වසා තබන ලෙසයි. ඒ අනුව අනුව ෆාමසී, ආහාර බෙදා හැරීමේ ස්ථාන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අලෙවි කරන වෙළදසැල් පමණක් විවෘතව තැබීමටයි සෞදි රජය තීරණය කර තිබෙන්නේ. ආපන ශාලා සහ අවන්හල් තුළ පාරිභෝගිකයින්ට අහාර ලබා දීම ද තහනම් කර තිබෙනවා.