සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බවයි. ඒ අනුව දැනට කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන 18ක්.
කොරෝනා වයිරසය ආසාදිත යැයි ඇතැයි තහවුරු කරගත් රෝගීන් හත් දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට ඇතුළු කළ පුද්ගලයන් වනවා.
යම් පුද්ගලයෙකුට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට යම් කිසි අවස්ථාවකදි සැකයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් වහාම අදාළ ආයතන වෙත හෝ පොලිස් ක්ෂණික ඇමතුම් අංකය වන 119 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් පොලීසිය අවධාරණය කරනවා.