තමන් භාවිත කළ නිල නිවාසවල තවදුරටත් රැඳී සිටීමට ඉඩ දෙන ලෙස ඉල්ලා පසුගිය එක්සත් ජාතික පක්ෂ යහපාලන රජය සමයේ හිටපු ඇමැතිවරුන්ගෙන් 14 දෙනකු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ලියවිල්ලක් යොමුකර තිබෙනවා.
එහෙත් එම ඉල්ලීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බව පවසමින් එම ඉල්ලීම ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා විස්න් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපතිවරණයෙන් පසු නිල නිවාසවලින් ඉවත් වීම සඳහා තෙමසකට වැඩි කාලයක් සියලුම හිටපු ඇමැතිවරුන්ට රජයෙන් ලබාදී තිබුණා.