කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර එම වර්ධනය අනුව ඒ ඒ ප්‍රදේශ රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් වෙන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරනවා.
ඒ අනුව රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කරනවා. මුළු රටටම ඇදිරි නීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් එසේ මුළු රටටම එකවර ඇඳිරි නීතිය පැනවුවහොත් ගැටළු රැසක් මතු විය හැකි බවත් ඔහු පවසනවා.