දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ 01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි කිරීම සම්පුර්ණයෙන් නතර කරදැමීමටයි. එම සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.
එසේම කිලෝ පහකට වඩා අඩුවෙන් එළවළු අලෙවි කිරීම සඳහා ව්‍යාපාරිකයින් හත්දෙනකුට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ කුඩා සතිපොළ වෙළෙඳුන්ට පහසු වන ලෙසයි. ඔවුන්ට අමතරව තවත් පිරිසක් ව්‍යාපාරික පරිශ‍්‍රවලින් ඉදිරිපස එළවළු කිලෝව බැගින් ද අලෙවි කිරීමේ යෙදී සිටීම නිසා කිලෝ පහට අඩුවෙන් විකිණීම ද තහනම් කිරීමට තීරණය කළ බවත් ඒකනායක මහතා පවසා සිටිනවා. මෙම තීරණ පිළිබඳව ලිඛිතව සියලූම ව්‍යාපාරිකයින්ට දැනුම් දීමට පියවර ගත් බවයි ඒ මහතා වැඩි දුරටත් පවසා සිටින්නේ.