ඇමතිවරයකු සිටිය කාලයේ බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට විරුද්ධව දැමූ නඩුව පිළිබඳව යළිත් පැමිණිල්ලක් දැමීමට එම දැරියගේ පියා කටයුතු කර තිබෙනවා. ඔහු එම පැමිණිල්ලෙන් කියා සිටින්නේ අදාළ නඩුවේ තීන්දුවට දැඩි ලෙස දේශපාලන බලපෑමක් එල්ල වූ බවයි. ඔහු මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභාව හමුවේදියි.
එදා රාජිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද ගිහාන් පිලිපිටිය වෙනුවෙන් පෙනී සිටින බවද දැරියගේ පියා කියා සිටිනවා.