කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු ගැවසී ඇති බවට තොරතුරු අනාවරණය වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ වසා දැමීමට තීරණය කර තිබෙනවා.
එසේම පවත්න තත්ත්වය අනුව දිවයින පුරා තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට (Lockdown) සිදුවනු ඇති බව ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.