කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා රජය ගෙන යන ආරක්ෂක වැඩපිළිවෙළ අනුව දිවයින පුරා සියළුම විශ්ව විද්‍යාල වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ දෙසතියක කාලයක් කාලයක් සඳහායි.
සියළුම සරසවි හෙට සිට සති දෙකක කාලයක් ඒ අනුව වසා තැබෙනු ඇති.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග අංශය සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයන් 64 දෙනෙකු මේ වන විට රජයේ රෝහල් දහයක ප‍්‍රතිකාර ලබන බවයි.
මෙයින් එක් පුද්ගලයෙකු විදේශිකයෙකු බවත් අනෙක් 63 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් බවත් සඳහන්.