රාජ්‍ය ඔසුසල් හැර දිවයිනේ අනෙකුත් සියළුම ඖෂධසැල් නැවත දැනුම් දෙන තුරු වසා දමන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා. තවද ජනතාවට අවශ්‍ය සියළුම ඖෂධ නිවෙස්වලටම බෙදා හැරීම සඳහා ඉඩ ලබා දී තිබෙනවා.
එසේම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීමට සුපිරි වෙළඳසැල්වලට අවසර දී තිබිය දී එම වෙළඳසැල් විවෘත කර ජනතාවට භාණ්ඩ අලෙවි කිරීමට කටයුතුකරන බැවින් වහාම එම වෙළඳසැල් ද වසා දමන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.