කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව නොදැන එම ග්‍රාමයේ නිවෙස් බොහොමයකට ගොස් තිබෙනවා. එම හේතුව නිසා එම ප්‍රදේශය අද (27) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා.
මෙම ප්‍රදේශයේ නිවාස 26ක පුද්ගලයින් 200ක පමණ පිරිසක් ජීවත් වන අතර ඔවුන් සියළුදෙනාම තම නිවාස තුළම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.