ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 72වන නිදහස් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී නොමැත. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ ආර්යාව ද, කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ද මෙම උත්සවයට සහභාගි වී තිබුණා. එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද කලකට පසු නිදහස් උළෙලකට අද දිනයේ සහභාගි වුණා.
සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියළු ජන වර්ගවලට අයත් පාසල් සිසු සිසුවියන් එක්ව ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කරනු ලැබීම විශේෂත්වයක්.