තම ණය සීමාව ඉහළ දැමීම සඳහා රජය විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ විපක්ෂය විසින් එකී යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ යැයි ලද තොරතුරක් මතයි.
මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේදී අද පැවති පක්ෂ නායක රැස්වීමේදී යි. පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂය වන අතර ආණ්ඩු පක්ෂයේ සිටින්නේ සුළුතර මන්ත්‍රී පිරිසක් වීම මෙයට හේතුවයි.