අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට දන්වා ඇත්තේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට හෝ වෙනත් රටකට පැවරීමේ අදහසක් නැති බවයි. පසුගිය රජයෙන් එසේ යෝජනා වී තිබුණද එවැනි අදහසක් නව රජය සතුව නැති බවයි අගමැතිතුමා ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය රජය කාලයේ මත්තල ගුවන්තොටුපොළ රැක ගැනීමේ සටනට ගොස් සිය පක්ෂයේ මන්ත්‍රීන් ගණනාවකට සිරගත වන්නටද සිදුවූ බවත්, නව රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය සම්පත් අන්සතු කිරීම නොවන බවත්, රජය පෞද්ගලීකරණය කිරීම ද ප්‍රතික්ෂේප කරන බවත් එතුමා පවසා තිබෙනවා.