බොලිවුඩයේ කීර්තියට පත් ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර සංගක්කාර නිරූපනයෙන් දායක වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ “Serendipity Next Door” සන්නාම වීඩියෝව එළිදක්වා පැය 19 ක කාලයක් තුළ ගෝලීය සමාජ ජාල හරහා එය නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ කීර්තිමත් වන්වර්ල්ඩ් ගුවන් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම සන්නාම වීඩ්යෝව නිකුත් කර ඇත්තේ සිය විශාලතම විදේශ වෙළෙඳපොළ වන ඉන්දියාව ඉලක්ක කර ගනිමින්.
ශ්‍රී ලංකා ජාතික ගුවන් සේවයෙහි වැදගත්කම මෙන්ම ආකර්ෂණීය සංචාරක දූපතේ සිත් ඇදගන්නා සුළු අංගයන් සමඟ මෙම වීඩියෝව බැඳී පවතිනවා.