දැරියක් තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීම නිසා කාමාතුරයෙකුගෙන් ගැලවි ජීවිතය බේරාගත් පුවතක් ගොවිඳුපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම දැරියගේ දෙමව්පියන් කුලී වැඩ සඳහා යන නිසා පසුදිය ඉරිදා එම දැරිය දහම් පාසල අවසන් වී යාබද ඥාති නිවසකට ගොස් තිබෙනවා. එහිදී මෙම දැරිය ඇඳ සිටි ළමා සාරිය ගලවා ඇඳුම් මාරු කරගෙන ඒමට යන බව එම ඥාති නිවෙසේ කාන්තාවට පවසා මෙම දැරිය ඇගේ නිවෙසට පිටත්ව ගොස් තිබෙනවා.
එම දැරිය නිවසට පැමිණි පසු ආසන්න නිවෙසක සිටින සැකකරු නිවෙසට පැමිණ ඇගේ දෑත් පසුපසට කර අල්ලාගෙන ගොස් දූෂණය කිරීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසියෙන් අත්අඩංගුවට ගෙනෑති අතර ඔහු විසිතුන් හැවිරිදි වියේ පසුවන බවයි වාර්තාවල සඳහන් වන්නේ. වින්දිත දැරිය ඇගේ මව භාරයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබෙනවා.