පෙබරවාරි 24 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා ජගත් මානවහිමිකම් මණ්ඩලය වෙනුවෙන් මානව හිමිකම් කොමසාරිස්වරයා විස්න් සකස් කළ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
විවිධ චෝදනාවන්ට ලක් වූවන්ට දඬුවම් ලබා නොදීම සහ ප්‍රතිසංධානයට, මානව හිමිකම් ප්‍රවර්ධනයට හා වගවීමට අදාළ ආයතන දිරිමත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව එම වාර්තාවෙහි කියා ඇති බව සඳහන්.

පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට පත්කළ (2020 ජනවාරි 09 දින) ජනාධිපති කොමිසම මගින් 2008-2009 වර්ෂවල කොළඹදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන යාම පිළිබඳව විභාග වන නඩුව (නාවික හමුදා නිලධාරීන්ට එරෙහිව) අත්හිටුවන ලෙස නීතිපතිවරයාට බලපෑම් කර ඇතැයි මානව හිමිකම් කොමසාරිස්වරයා මෙහිදී කියා සිටිනවා.
එසේම සුගිය ජාතික නිදහස් දිනය දා එතෙක් සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම ගායනා කෙරුණු ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම මහකොමසාරිස්වරයාගේ කනගාටුවට හේතු වී ඇත් බව ද මෙහි දැක්වෙනවා.
ඉහළ පෙළේ නඩු කිහිපයක්ම විභාග කළ නිලධාරීන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කිරීම සහ මාරු කිරීමද වත්මන් ආණ්ඩුව විසින් සිදු කර ඇතැයිද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ස්ථාපනය කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කිරීමද පිළිගත නොහැකි බව ද එම වාර්තාවෙහි සඳහන්.