ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් 1969 සිට 1988 දක්වා අවුරුදු දහනවය තුළ දරු උපත් මිලියන 56කට වැඩි ගණනක දත්ත අධ්‍යයනය කර ත්බෙනවා. මෙම අධ්‍යයනයේදී විද්‍යාඥයන්ට තහවුරු වී ඇත්තේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 90 එනම් සෙල්සියස් අංශක 32.2 හෝ ඊට වැඩි කාලවල බොහෝ ගර්භණී මවුවරුන්ගේ නියමිත ගැබ්බර සමය ඉතා පැහැදිලි ලෙසම අඩුවුණු බව යි. ගෝලීය උෂ්ණත්වයේ බලපෑම නිසා මෙසේ ගර්භණී මවුවරුන්ගේ දරු ප්‍රසූති නියමිත කාලයට දෙසතියකට පමණ කලින් සිදුවන බවත් එය අලුත උපන් බිලිඳුන් කෙරෙහිද අහිතකර සේ බලපාන බවත් එම විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ ධික උෂ්ණත්වයේ බලපෑම නිසා ගර්භණී මවුවරුන්ගේ හෝමෝනවල සිදුවන වෙනස්කම් හේතුකොට ගෙන නියමිත දිනට කලින් විළිරුදා ඇති වන බවයි.
බිලිඳකු බිහිවීමට නියමිත කාලයට අවම වශයෙන් සති තුනකට කලින් හෝ මවගේ ගර්භාශය තුළ සති 37ක් නොගෙවා බිහිවුවහොත් ඔහු හෝ ඇය නොමේරූවකු වශයෙන්සලකනු ලබනවා. නොමේරූ බිලිඳුන් ශාරීරික වර්ධනය පමණක් නොව මොළයේ ක්‍රියාකාරීත්වයද හීන වනවා. ඒ හේතුව නිසාම හටගන්නා පෞද්ගලික චර්යා පිළිබඳ ගැටළුද අඩු වයසින් බිහිවන දරුවන් තුළ බොහෝ විට දක්නට ලැබෙනවා. අවධාන හීනතාව, අක්‍රමවත් සක්‍රියතාව, ස්නායු පිළිබඳ ගැටලු, බිය හා ස්වෙච්ඡතාව හෙවත් බාහිර ලෝකය පිටු දැකීමේ කැමැත්ත යනාදියද අඩු වයසින් උපන් දරුවන් වැඩි වියට පත්වීමේදී පොදු වශයෙන් දක්නට ලැබෙන ඌනතායි.
අඩු වයසින් උපදින දරුවෝ ඇදුම රෝගයටත් පෙණහලු හා සම්බන්ධ වෙනත් රෝගවලටත් නිතර ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. වැඩිහිටි වියේදී ඔවුහු ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ආබාධවලට මෙන්ම ආසාදනවලටද භාජනය වනවා.
මවු කුස තුළ සිටින බිලිඳකුට හෘදයාබාධ හට ගන්වන තරමට පාරිසරික උෂ්ණත්වය බලපාන්නේ කෙසේද යන්න මෙම විද්‍යාඥයන් නිශ්චිතව නොදන්නා නමුත් සතුන් විෂයෙහි පැවැත්වුණු අධ්‍යයනවලින් තහවුරු වී ඇත්තේ දරු කලලය අධික බාහිර උෂ්ණත්වයට ලක්වූ විට කලලයේ මනා වර්ධනය සඳහා අත්‍යවශ්‍ය මාතෘ සයිල මැරී යෑම හෝ ඒවාට හානි සිදුවීම හදවත් ආබාධ සහිත දරු උපත්වලට හේතුවන බවයි.
හරිතාගාර වායු විමෝචනය අඩුකරගැනීමට සියලු රටවල් ක්ෂණිකව ක්‍රියාත්මක නොවුණහොත් කාලගුණ විපර්යාස සමස්ත මානව සංහතියේ මෙන්ම අනාගත පරම්පරාවලද සෞඛ්‍යය කෙබඳු විය යුතුද යන්න තීරණය කරන එකම සාධකය බවට පත්වනු නිසැකයි.