2002 - 2003 කාලය තුළ පැතිරුණු සාස් රෝගය මෙන් වසංගතයක් වී කොරෝනා වෛරසය පැතිරී යන බව පසුගිය දෙසැම්බර් 30 වන දා මුලින්ම අනතුරු ඇඟවීමක් කළ චින ජාතික වෛද්‍යවරයෙකු එම වෛරසයටම ගොදුරුවීමෙන් අද අළුයම මියගිය බව වාර්තා වනවා.
ලී වෙන්ලියැන් නැමැති එම වෛද්‍යවරයා සිය වෛද්‍ය සඟයන්ට පණිවුඩ යවමින්. රෝගය පිළිබදව මුල් වරට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. අදාළ වෛද්‍යවරයා ව්‍යාජ කට කතා පතුරුවන බවටත් සමාජය වියවුල් කරන බවටත් ඔහුට චෝදනා කරමින් පොලිසිය විසින් එය වළක්වා තිබුණා. පසුව කෙරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමටත් මරණ සංඛ්‍යාව ඉහළ යාමටත් පටන් ගත් අතර, 34 හැවිරිදි වෛද්‍ය ලී වෙන්ලියැන්ටද වෛරසය ආසාදනය වූයේ වූහාන් රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියදීයි.
කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙම වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර පුවත් රැසක් ප්‍රචාරයවී ඇති බවයි.