ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ නැවත දැනුම් දෙන තුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණය කර ඇති බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඉරානය තුල නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරි යාම යි. ඉරාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් රැසකට නව කොරෝනා වෛරසය වැලදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ පාර්ලිමේන්තුව වසා දැමීමට තිරණය කිරීම හේත්වුඑන් මාර්තු 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අයවැය ඉදිරිපත් නොකර ඒ වෙනුවෙන් රජයේ වියදම් සඳහා හදිසි අරමුදලක් පමණක් සම්මත කර ගැනීමට තීරණය කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
මේ වන විට ලොවපුරා නව කොරෝනා වෛරස ආසාදිතයින් 84,611 දෙනෙකු වාර්තා වී තිබෙනවා. චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ලවූ දකුණු කොරියාවෙන් අද වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 2,300කට අධිකයි. එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 16ක්.