බ්‍රිතාන්‍යයේ චැනල් 4 ආයතනය සිදුකළ "Sri Lankan Killing Fields” නම් වාර්තා වැඩසටහන ඉදිරිපත් කළ මාධ්‍යවේදී ජෝන් ස්නොව්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඔහු එම වාර්තාවෙන් කියා සිටියේ ශ්‍රී ලංකා රජයේ හමුදාවන් යුධ අපරාධ සිදුකළ බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ මේ වන විට ඔහු නිරෝදාන ක්‍රියාවලියකට යටත් වී තිබෙන බවයි.
රානයේ පැවති මහ මැතිවරණය වාර්තා කිරිම සඳහා පසුගිය සතියේ ජෝන් ස්නොව් සහභාගී වී ඇති අතර පසුව යලි බ්‍රිතාන්‍යයට පැමිණී තිබෙනවා. එසේ පැමිණීමෙන් පසු ඔහු මේ දක්වා සේවයට ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.
සීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වයිරසය නිසා ඉරානයේ මේ වන විට පුද්ගලයින් 22 ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.