ජනාධිපතිතුමා වනජීවී නිලධාරිනියගේ සංවාදය ගැන සනත් නිශාන්තගෙන් ප්‍රශ්න කරයි
Saturday, February 15, 2020
මීගමු කලපු සංවර්ධන වැඩපිලිවෙල සම්බන්ධයෙන් වූ රැස්වීමකදී අඩවි වන නිලධාරීනී සහ ඇමති සනත් නිශාන්ත මහතා අතර සිදු වූ සංවාදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සනත් නිශාන්ත මහතාට දුරකථන ඇමතුමක් ලබා දී අදහස් විමසා තිබෙනව බව වාර්තා වනවා.
එහිදි ජනාධිපතිවරයා විසින් ඇමතිවරයාට දැනුම් දී ඇත්තේ රාජ්‍ය නිලධාරීන් සමග අනවශ්‍ය ගැටලු ඇති කර නොගෙන කටයුතු කරන ලෙසයි.