හිටපු ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය අරමුදලේ අරමුණුවලට පටහැනිව කටයුතු කරමින් වියදම් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා පෙන්වා දෙනවා.
ඔහු මේ බව කියා සිටියේ රඹුක්කන, දැලිවල, කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. ඔහු වැඩි දුරටත් කියා සිටියේ.
මෙම අවස්ථාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ද සහභාගී වූ අතර එහිදී ඇමතිවරයා කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3000 ක තැන්පතුව සහ රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා භාවිතා කළේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයටබවයි.
නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් වන අතර එතුමා ද උත්සව අවස්ථාවට සහභාගී තිබුණා.