මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ මීළඟ පාර්ලිමේන්තුව මැතිවරණය සදහා ජනාධිපතිවරයා විසින් මාර්තු 02 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඊට පසුදිනම මැතිවරණයක් පැවැත්වීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍ර නිකුත් කිරීමට සියල්ල සූදානම් කර ඇති බව යි. ඒ අනුව අප්‍රේල් මස 25 සහ මැයි මස 4 වැනිදා අතර දිනයක දී ඡන්ද විමසීම සිදු කළ හැකි බව තමන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ද මුදල් වෙන් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බවයි සභාපතිවරයා එහි දී සඳහන් කලේ.