එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සති අන්ත පුවත් පතක් වාර්තා කරන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් එම පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.
තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම සහ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් නියෝජනය කරන පක්ෂය ද ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව යි වැඩි දුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.