අධිකරණ සේවා කොමිසම විසින් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ධම්මික හේමපාල මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර තිබෙනවා. ඒ එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සිදුකරන ලද සාකච්ඡාව හේතුවෙන්. එසේම මන්ත‍්‍රීවරයා සමඟ දුරකතනයෙන් සාකච්ඡා සිදු කල විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත කොමිසම විසින් යවා තිබෙන බව සඳහන්.
ඒ අනුව පද්මිණී රණවක, ගිහාන් පිලපිටිය හා ධම්මික හේමපාල යන විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.