ශ්‍රී ලංකාවේ සියළුම මාර්ග පිළිබඳ තොරතුරු ඇතුළත් නව මාර්ග සිතියම ප්‍රකාශ කෙරේ

මිනින්දෝරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ නව මාර්ග සිතියම එළැඹෙන 29 වැනිදා ප්‍රකාශයට පත්කරන බවයි. ඒ වසර 06 කට පසුවයි. එය  මෙරටට සංචාරය කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට ද ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ මිනුම්පති එස්.එම්.පී.පී.සංගක්කාර මහතා සඳහන් කරන්නේ.

මෙලෙස එළිදැක්වීමට නියමිත නව මාර්ග සිතියම සඳහා අධිවේගී මාර්ග පිළිබඳ තොරතුරු , අලුතින් ඉදි වූ  මාර්ග පිළිබඳව තොරතුරු මෙන්ම රෝහල්, පොලිස් ස්ථාන ආදිය පිළිබඳ තොරතුරුද  ඇතුළත් කර ඇති බව ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu