රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ප්‍රසිද්ඩ්ධ වීමත් සමඟම බොහෝ පිරිස් කලබලයට පත්ව තිබෙනවා. නොයෙක් දෙනා මේ පිළිබඳව චෝදනා කරන්නේ පොලීසියට. ඒ පොලිස් භාරයේ තිබූ හඬ පට අන්තර්ජාලයට පැමිණීම සම්බන්ධයෙන්. කෙසේ වෙතත් එම හඬපට අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කළ බවට සැක කෙරෙන පුද්ගලයකු ගෙන් ප‍්‍රශ්න කිරීම ඊයේ (12 දා) ආරම්භ කළ බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා ඇත්තේ.
මෙම හඬපට පිටපත් පොලිස් භාරයට ගැනීමට පෙර පිටවී තිබෙන බවට සැකයක් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා තිබෙනවා.