විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අතර ඊයේ දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ආරංචි මාර්ග පවසනවා.
එහ් දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කිසිසේත්ම එකඟ විය හොහැකි බව රන්ල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.එහෙත් මීළඟ මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර තිබෙනවා.
පක්ෂ නායකත්වය ලබා දීමට නොහැකිනම් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී මැතිවරණය මෙහෙයවා ජයගන්නා ලෙස ලෙසද ඔහු නායකත්වයට දන්වා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.