එක්සත් ජාතික පක්ෂයෙන් මංගල ඉවත් වේ ?? මනාප පොරයට වෙනම ඉදිරිපත් වෙයි ??
Saturday, January 04, 2020
එක්සත් ජාතික පක්‍ෂයට සමීප අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව යි.
එම ආරංචි මාර්ගවලට අනුව ඔහු මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී වෙනම තරග කරනු ඇති. එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් ඔහුගේ සමීප දේශපාලන ආධාරකරුවන් සමඟ සිදුකර ඇති බවයි.