ළමුන් 980 ක් පමණ හා ගුරුභවතුන් 55 ක් සිටින කුරුණැගල දිස්ත්රික්කයේ ජාතික පාසලක් දින නියමයකින් තොරව කළාප කාර්යාලයේ අනුදැනුම මත වසා දමා තිබෙනවා. මෙසේ වසා තබා ඇත්තේ ගිරිබාව ප්රදේශයේ යාය 3 සොලේපුර කු/පැරකුම්පුර ජාතික පාසලයි.
පසුගිය 28 දායින් පසුව පාසල තුළ දී ළමුන් විශාල ප්‍රමාණයක් එකවර උණ රෝගයෙන් පෙළීම මෙසේ එම පාසල වසා දැමීමට හේතු වී තිබෙනවා. එම ළමුන් රාජාංගනය ප්රාදේශීය රෝහලට [සී] ඇතුලත් කර තිබෙනවා. එම රෝහලේ නිලධාරියෙක් පැවසුවේ එම ළමුන් බාහිර රොගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව යි.