හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා. ඒ 2018 වසරේ ඔක්තෝබර් 11 දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කර දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන්. පැවති රජයේ ඉහළ බලධාරියෙකු අමාත්‍යවරුන් තිදෙනකු වෙත ගොස් අවසන් තීන්දුව ඒකමතිකව ලබාගැනීම සඳහා අගවිනිසුරුවරයා හමුවී බල කරන ලෙස පවසා තිබෙනවා.
නමුත් ඉන් එක් අමාත්‍යවරයෙකු එකඟ නොවීම නිසා, අමාත්‍යවරු දෙදෙනකු විසින් අගවිනිසුරුවරයා වෙත මෙම බලපෑම සිදුකර ඇති බව පැවසෙනවා.
අදළ නඩු තීන්දුව ලබා දුන් දිනට පසුදා එනම් 2018 ඔක්තෝබර් 12 අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සිය පදවියෙන් විශ්‍රාම ලබා ගත්තා.. කෙසේ වෙතත් සිය තීන්දුවෙන් මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
යහපාලන රජය බලයට පත්වී දින කිහිපයක් ඇතුළත එවකට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වෙත සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස එම ආණ්ඩුවේ කණ්ඩායමක් තර්ජනය කර තිබුණා.