රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.
ඒ අනුව පළමුව දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම සිදු කිරීමට නියමිත බව ද ආරංචි මාර්ගවල සඳහන්. වඩාත් ප‍්‍රරතිඵලාදායක ලෙස එම වාහන කළමනාකරණය කර ගැනීමේ ක‍්‍රමවේදයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

යම් හෙයකින් අමාත්‍යවරයකුට හෝ රාජ්‍ය ආයතනයකට අලුතින් වාහනයක් අත්‍යාවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි සොයාබැලීමක් සිදුකර ඒ ඉල්ලීම ඉටුකිරීමට නියමිතයි.
ලංකාදීප පුවත්පත ඇසුරින්