ඉරාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලූ දෙනා ආරක්ෂිත බවයි. ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. ඉදිරි කාලයේදී ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට පැවසූ ඇමරිකා ජනාධිපතිවරයා ඇමරිකාවට මැදපෙරදිග ඉන්ධන අවශ්‍ය නැතැයිද සඳහන් කරනවා.
ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය ඉරාන විප්ලවවාදී හමුදා ප්‍රධානියා ලොව ප්‍රබලම ත්‍රස්තවාදි බවත් ඔහු විසින් සිවිල් වැසියන් ඉලක්ක කර විශාල ජන සංහාරයක් සිදු කළ බවද ට්‍රම්ප් කියා සිටිනවා.