ජනාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය 03 ක කාලය සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස සාමකාමී ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.
මන්නාරම,බදුල්ල, මතුගම, යන ප්‍රදේශවලින් සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවයි පැෆරල්සංවිධානය පවසන්නේ. ජනතාව දැඩි උනන්දුවකින් ඡන්දය භාවිත කරමින් සිටින බව ද ඔවුන් පවසනවා.
මීට අමතරව වව්නියාව සියයට 25 ප්‍රතිශතයක්, මන්නාරම සියයට 30ක ප්‍රතිශතයක්, මාතර සියයට 30ක ප්‍රතිශතයක්, හම්බන්තොට සියයට 25 ක ප්‍රතිශතයක් සහ ත්‍රිකුණාමලය සියයට 25 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බව සඳහන් වනවා.