ධූරය අවසන් වීමට පෙර රටට විනකරන ගිවිසුම ගැන ජනාධිපතිවරයාගෙන් ප්‍රබල නියෝගයක්

නාධිපතිවරණයට පෙර ඇමෙරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනධිපතිවරයා හමුවී පෙන්වා දීමෙන් පසුව එම ගිවිසුම වහාම නවතන ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබෙනවා.

මෙම ගිවිසුම අත්සන් කිරීම අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ප්‍රබල මත ගැටුමක්ද ඇති වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයා හමුවී මෙම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරන ලද අවස්ථාවේදීම ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා මංගල සමරවීර මහතාට මේ බව දැනුම් දී තිබෙන බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu