ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානගත වීමේ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡා සාර්ථක මට්ටමට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා නව සන්ධානයකින් පුටුව ලකුණින් තරග කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා. මහ මැතිවරණයේදී සන්ධාන ගතවීම සඳහා වන ගිවිසුම ද මේ වන විට සූදානම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ හේතුවෙන් මහ මැතිවරණයේදී මෙම නව සන්ධානය සහ නව ලකුණෙන් තරග කරනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටිනවා.