කටානේ දී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ත්‍රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනීමරුවන්ට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම දිය යුතු බව යි.
‘මම අනිවාර්යයෙන්ම කුඩු ව්‍යාපාරය විනාශ කරනවා. කුඩ්ඩෝ මාව ඉලක්ක කළ හැකි නමුත් කුඩු විනාශ කිරීම වෙනුවෙන් බෙල්ල දෙන්න වුණත් මං සූදානම්’ යැයිද ඔහු පැවසුවා.