ඉතිහාසයේ කවරදාවත් නොවූ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හත් දෙනෙකු එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත්, තවත් අපේක්ෂකයන් පස් දෙනෙකු වෙනත් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත් කටයුතු කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවා.
ඒ අනුව එම ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනාම වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරමින් සිටින හෙයින් ඔවුන් 12 දෙනාම මැතිවරණ නීතියට ගරුකර ඉල්ලා අස්විය යුතු බව පැෆරල් සංවිධානය සඳහන් කරනවා.