සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මාතර දික්වැල්ලේදී පැවති ජන හමුවේ දී ඔහුට සහාය දැක්වීම සඳහා මර්වින් සිල්වා මහතා එක්වී තිබෙනවා.
මර්වින් සිල්වා මහතා පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කළා.
පසුගිය රජයේ ඇමති වරයෙකු සිටිය දී ඔහු විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එවකට විපක්ෂය ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය විසින් එල්ල වූයේ දැඩි විරෝධතාවයක්.