හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට ඇති අවස්ථාව අහිමි විමේ ඉඩක් ඇති බව වාර්තා වනවා. ඒ ඔහු නාම යෝජනා දීමට නියමිත පක්‍ෂයේ නිලධාරීන් දැනුවත් නොකලේ යයි ඇතිව තිබෙන අර්බුදයක් හේතුවෙන්.
මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත්තේ එම පක්‍ෂයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා විසින්.