ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කිරීමට සම්පූර්ණ අවසරය හිමි ව තිබෙනවා.
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
මෙම තීන්දුවත් සමග අලුත්කඩේ අධිකරණ භූමිය ආසන්නයේ සිටි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ප‍්‍රිතිඝෝෂා නගමින් ප‍්‍රිතිය පල කළ බව සඳහන්.