ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේ්ක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නෙ සිය ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදෙන බවයි.
ජෙනරාල් මහේෂ් සේනානායක පවසන්නේ ඇතැම් දේශපාලන පක්ෂවලට සහයෝගය දක්වන පිරිස් සිදුකර ඇති ප‍්‍රකාශ සිය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවයි. ඒ අනුව අද (10) දිනයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ඊට අදාළ පැමිණිල්ල භාරදෙන බව ද ඔහු කියා සිටියා.